file
ගාලු මුවදොර (Galleface) පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර තිබෙනවා.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ, ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින්ගේ ජනතාවට සිදුවන හිරිහැර මැඩලීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බවයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, යාචකයින් 150ක් පමණ පිරිසක් ගාලු මුවදොර පිටියේ සිඟමන් යදින බවයි.
මෙම යාචකයින් රිදියගම මධ්‍යස්ථානය තුළ ස්ථානගත කිරීමේදී ඔවුන් සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාර පාන සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එයට අනුබද්ධිත ආයතන විසින් සමාජ සත්කාරක සේවයක් ලෙස මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශය පවසනවා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…