file
බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවට කියන සිය මිතුරාගේ ගෙළ කපා ලේ පානය කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
කාර්නාටක ප්‍රාන්තයේ, චික්කබල්ලාපූර් ප්‍රදේශයේ සිදුව ඇති මෙම බිහිසුණු සිදුවීම පිළිබඳ ඡායාරූපයක් මාධ්‍යවෙත නිකුත් වී තිබේ.
ඒ එම අවස්ථාවේ අසල සිටි පුද්ගලයකු ගේ කැමරාවක සිදුවීම සටහන් වීමත් සමගයි.
මාරේෂ් නැමති මිතුරා තම බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට ලැබුණු තොරතුරක් මත සැමියා විසින් ඔහු ගෙන්වා ප්‍රශ්න කර තිබේ.
එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑමෙන් අදාළ පුද්ගලයා මිතුරාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ලේ පානය කර ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාර සැමියාට අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් නඩුවක් ගොනුකර ඇත.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…