Tuesday, September 8, 2026
Homeදේශීයබිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ මිතුරාගේ ගෙල කපා සැමියා ලේ බීලා...

බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත්වූ මිතුරාගේ ගෙල කපා සැමියා ලේ බීලා…

file

බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවට කියන සිය මිතුරාගේ ගෙළ කපා ලේ පානය කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

කාර්නාටක ප්‍රාන්තයේ, චික්කබල්ලාපූර් ප්‍රදේශයේ සිදුව ඇති මෙම බිහිසුණු සිදුවීම පිළිබඳ ඡායාරූපයක් මාධ්‍යවෙත නිකුත් වී තිබේ.

ඒ එම අවස්ථාවේ අසල සිටි පුද්ගලයකු ගේ කැමරාවක සිදුවීම සටහන් වීමත් සමගයි.

මාරේෂ් නැමති මිතුරා තම බිරිඳ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට ලැබුණු තොරතුරක් මත සැමියා විසින් ඔහු ගෙන්වා ප්‍රශ්න කර තිබේ.

එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යෑමෙන් අදාළ පුද්ගලයා මිතුරාගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ලේ පානය කර ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාර සැමියාට අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් නඩුවක් ගොනුකර ඇත.

READ:   වතු කම්කරු අවම වැටුප රුපියල් 1700 යි - පඩි පාලක සභාව තීරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්