දේශීය

අලි සබ්රි ලෝක ආර්ථිකය සමුළුවට

චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ලෝක ආර්ථික සුමුළුව සඳහා මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතළු දූත පිරිසික් සහභාගී වීමට නියමිතයි.

ජූලි 27 වනදා සිට 29 වනදා දක්වා මෙම සමුළුව පැවැත්වෙයි.

‘ව්‍යවසායකත්වය: ගෝලීය ආර්ථිකයේ ගාමක බලවේගය’ යන තේමාවෙන් යුත් මෙම සංසදය, ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන ලොව පුරා රටවල් 90කට අධික දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අතර සංවාදය සඳහා වේදිකාවක් සපයනු ඇත. 

‘අහිමි දශකයක් වැලැක්වීම’ යන මැයෙන් පැවැත්වෙන වටමේස රැස්වීමට සහ ‘හෙට ආර්ථිකය බලගන්වන්නේ කෙසේද’ යන මැයෙන් පැවැත්වෙන පාර්ශවකරුවන්ගේ සංවාදයට අමාත්‍ය සබ්රි සහභාගී වේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago