Thursday, July 23, 2026
Homeදේශීයඩෙංගු වසන්ගතය භයානකයි..

ඩෙංගු වසන්ගතය භයානකයි..

මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමුන් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඩෙංගු උවදුරෙන් පාසල් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් ආශ්‍රිතව පිරිසිදු කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 420184ක්, වාර්තා වී ඇති අතර සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශය 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ග්‍රහනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ මහ නගර සභා සීමාව, ගොතටුව වැනි ප්‍රදේශවල මදුරු ග්‍රහනය මෙලෙස ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් ජුනි මාසය අවසන් වන විට ඩෙංගු අධිවසංගත තත්වයක් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ.

තම නිවස හා අවට ජලය රැදෙන ස්ථානයන්, මදුරුවන් බෝවන ස්ථානයන් හැකිතාක් පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   පාසැල් ළමුන් රැගත් බස් රථයක් පෙරළි අනතුරක්, පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්