Saturday, June 6, 2026
Homeදේශීයඅයි.එම්.එෆ් නියෝජිතයන් නොකියා කියන්නේ ජනතාව මත තවත් බර පටවන්න වෙයි කියලා?

අයි.එම්.එෆ් නියෝජිතයන් නොකියා කියන්නේ ජනතාව මත තවත් බර පටවන්න වෙයි කියලා?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ දෙවන වාරිකය ලබා දීමට පෙර පවත්වන පළමු සමාලෝචනය පසුගියදා පැවැත්වුණා.

ඒ අයි.එම්.එෆ් නියෝජිතයින් හා මෙරට බලධාරීන් අතර යි.

අයි.එම්.එච් දෙවන වාරිකය ලබා දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව ගණනාවක් අදහස් දක්වා සිටිනවා.

අයි.එම්.එෆ් දෙවන වාරිකය ලබාදීමේදී තවදුරටත් ජනතාව මත බර පැටවණු ඇතැයි ඔවුන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් අයි.එම්.එෆ් පළමු සමාලෝචනයෙන් පසු එහි නියෝජිතයින් පසුගියදා (27) කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එම මාධ්‍ය හමුවට සමගාමීව නිකුත් කල මාධ්‍ය නිවේදනයේ ආර්ථිකය සම්බන්ධයෙන් සිදුවිය යුතු වෙනස් කම් ගැන ඉඟි පළ කර තිබුණා.

තවමත් සමහර රාජ්‍ය ආදායම් අපේක්ෂිත ඉලක්කවල නොමැති බව එහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම විදුලි ගාස්තු පිරිවැයට ගැලපෙන ආකාරයට සකස් වී නැති බවද වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර රජයේ ආදායම සහ වියදම අතර පරතරය තවදුරටත් අඩුකර ගත යුතු බව ඔවුන් මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

READ:   ජනපති පදවිප්‍රාප්තියට වසරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්