Thursday, July 23, 2026
Homeදේශීයබොරැල්ලේ හදිසි මෙහෙයුමක්

බොරැල්ලේ හදිසි මෙහෙයුමක්

බොරැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් එක්ව ඊයේ (11) මෙම විශේෂ මෙහෙයුම දියත් කර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 15ක් , ගංජා ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 15 ක් සමඟ එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර කඩු දෙකක් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හා විවෘත වරෙන්තු කරුවන් දෙදෙනෙකු ද ඒ අතර වේ.

ප්‍රශ්න කිරීම් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 19 කි.

සැකකරුවන් අද (12) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   දුම්රිය ගාස්තු ඉහළ යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්