Monday, June 29, 2026
Homeදේශීයඅලි සබ්රි ලෝක ආර්ථිකය සමුළුවට

අලි සබ්රි ලෝක ආර්ථිකය සමුළුවට

චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ලෝක ආර්ථික සුමුළුව සඳහා මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතළු දූත පිරිසික් සහභාගී වීමට නියමිතයි.

ජූලි 27 වනදා සිට 29 වනදා දක්වා මෙම සමුළුව පැවැත්වෙයි.

‘ව්‍යවසායකත්වය: ගෝලීය ආර්ථිකයේ ගාමක බලවේගය’ යන තේමාවෙන් යුත් මෙම සංසදය, ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කලාපීය සහ ගෝලීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන ලොව පුරා රටවල් 90කට අධික දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අතර සංවාදය සඳහා වේදිකාවක් සපයනු ඇත. 

‘අහිමි දශකයක් වැලැක්වීම’ යන මැයෙන් පැවැත්වෙන වටමේස රැස්වීමට සහ ‘හෙට ආර්ථිකය බලගන්වන්නේ කෙසේද’ යන මැයෙන් පැවැත්වෙන පාර්ශවකරුවන්ගේ සංවාදයට අමාත්‍ය සබ්රි සහභාගී වේ.

READ:   මාසයක් ගෙවෙද්දී යුක්තියේ තත්ත්වය: සැකකරුවන් 40,590 ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්