file
රුසියාව මේ මොහොතේ පවාදීමකට මුහුණ දී සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරනවා.
ඔහු ජාතිය අමාතා මෙ බව ප්‍රකාශ කර තිබේ.
එම පාවාදීම රුසියාවට මාරාන්තික තර්ජනයක් බව රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.
රුසියාව වෙනුවෙන් යුක්‍රේනය තුළ සටන් කළ වැන්ගර් කුලී සේනාංක රුසියාව තුළ කැරැලිකාරී තත්වයක් ඇති කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය කර තිබේ.
රුසියානු හමුදාව වෙනුවෙන් මෙහෙයුම් වල නිරත වූ වැන්ගර් සේනාංග රුසියාවේ හමුදා මූලස්ථාන කිහිපයක් නතු කර ගෙන ඇති බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් මොස්කව් ඇතුළු නගර කිහිපයක ත්‍රස්ත විරෝධී පියවර අනුගමනය කිරීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.
සිය හමුදාව ඉවත්කර ගන්නා ලෙස රුසියාව කළ ඉල්ලීමක් වැන්ගර් සේනාංකය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
රුසියාව තුළ කැරැල්ලක් ක්‍රියාත්මක කරන බව වැන්ගර් සේනාංකය මීට පෙර ප්‍රකාශ කළා.
ඊට බලපෑ මුල් හේතුව වූයේ රුසියානු හමුදාව විසින් වැන්ගර් සේනාංකයට අයත් ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වැන්ගර් හමුදාව චෝදනා කිරීමයි.
කෙසේවෙතත් මෙම චෝදනාව රුසියානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.
වැන්ගර් සේනානායේ ප්‍රධානියා පවසන්නේ රුසියානු හමුදා ප්‍රධානියා සමස්ත ජාතියම රවටමින් සිටින බවයි.
රුසියානු හමුදා නායකත්වය බිඳහෙළීම පමණක් සිය අරමුණ බව ඔහු ප්‍රකාශ කරයි.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…