දේශීය

ශ්‍රී ලංකාවට තවදුරටත් එක්සත් ජනපදයේ සහය..

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්වරිය අතර හමුවක් ඊයේ (22) සිදු වූ අතර එහිදී ඇය මේ බව පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දියත් කර ඇති වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් මූල්‍ය සහ ණය සහන ලබාදීමේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එහිදී භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය දක්වන දායකත්වයට ස්තූතිය පළ කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන කටයුතුවලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද මහා භාණ්ඩාගාර ලේකම්වරිය දැනුවත් කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අභියෝගයක් වුවත් එහිදී අවබෝධයෙන් යුතුව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව තීරණය කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳවද ජැනට් යෙලන් මහත්මිය දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සහ “දේශගුණ සෞභාග්‍ය සැලැස්ම” පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති අතර මෙම ක්‍රියාවලියේදී පෞද්ගලික අංශයේ සහාය ලබා ගැනීම රජයේ අභිප්‍රාය බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නංවා ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.


Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

20 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

21 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

21 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

3 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

3 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

7 days ago