Tuesday, July 21, 2026
Homeදේශීයඅස්වැසුම දීමනාව ගැන තීරණයක්

අස්වැසුම දීමනාව ගැන තීරණයක්

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් කියාත්මක වන අස්වැසුම වැඩසටහනින් අඩු ආදායම්ලාභීන් හා රෝගවලට ගොදුරුවූ පුද්ගලයින් කිසිවිටකත් ඉවත් නොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේ දී නැගුණු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.

අස්වැසුම වැඩසටහන සඳහා අඩුආදායම්ලාභීන් තෝරාගැනෙන සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කරන බව ඔහු පවසනවා.

පෙරට වඩා වැඩි අඩු ආදායම්ලාභීන් පිරිසකට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අස්වැසුම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබිය යුතු අය සිටියදී ඊට සුදුසුකම් නොමැති පිරිස් තෝරා ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

READ:   ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්