file
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ අයර්ලන්තය හා ස්කොට්ලන්තය අතර ඊයේ (21) පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 286 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරයේ සිය ඉලක්කය පසු කර ගියා.
ඒ අනුව කඩුලු 1 ක ජයග්‍රාහණයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.
මේ අතර එක්සත් ආරාබිය සහ ඕමාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයේ ජය වාර්තා කිරීමට ඕමානය සමත් වුණා.
කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් ආරාබි කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 227 ක් රැස් කළා.
ලකුණු 228ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ඕමාන කණ්ඩායම කඩුලු 5ක් දැවී සිටියදී 46 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව කඩුලු 05ක ජයක් වාර්තා කිරීමට ඕමානය සමත් වුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…