Monday, April 27, 2026
HomeදේශීයUPDATE: ගැඹුරු මුහුදේ ඇසුණේ අතුරුදහන් වූ සබ්මැරීනයේ හඬද?

UPDATE: ගැඹුරු මුහුදේ ඇසුණේ අතුරුදහන් වූ සබ්මැරීනයේ හඬද?

ගැඹුරු මුහුදේ ටයිටන් සබ්මැරීනයෙන් හඬක් නිකුත් වූවද එය හඳුනා ගැනීම අපහසු බව විශේෂඥයින් පවසනවා.

ROV යාත්‍රා වලට ඇති සෙවුම් ප්‍රදේශය මුහුදු පත්ලේ විශාල බැවින් එවැනි ශබ්දයක් නිකුත් වූවද ශබ්දය පැමිණෙන්නේ කොහෙන්දැයි නිශ්චිතව තීරණය කළ නොහැකි බව සඳහන්.

අතුරුදහන් වූ සබ්මැරීනයේ කාබන් බඳ තුලින් නිකුත් විය හැකි ශබ්දය ඉතා අඩු මට්ටමක එකක් බැවින් එය ජලය හරහා ප්‍රචාරණය වන එකක් නොවන බවද ඔවුන් පෙන්වා දෙනවා.

ටයිටන් සබ්මැරීනය සේවීමේ මෙහෙයුම් අතර විවිධ ශබ්දයන් ඇසුණු බව අමෙරිකානු වෙරළාරක්ෂකයින් මීට පෙර පවසා තිබුණා.

මේ අතර (ROV) දුරස්ථව ක්‍රියාත්මක කරන යාත්‍රාවන් දෙකක් මුහුදු පත්ලට ලඟා වී තිබේ.

6000 ROV විශේෂ යාත්‍රාව ටයිටැනික් නෞකාවේ සුන්බුන් අතරට සමීපව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

READ:   අත්අඩංගුවට ගෙන සිටි හෂාන් ජීවන්ත නිදහස් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්