Friday, April 17, 2026
HomeදේශීයUPDATE: තත්වය කුමක් වුණත් - මේ සක්‍රීය මෙහෙයුමක්! මෙහෙයුම භාර නිලධාරියා සෙවීම...

UPDATE: තත්වය කුමක් වුණත් – මේ සක්‍රීය මෙහෙයුමක්! මෙහෙයුම භාර නිලධාරියා සෙවීම අත්නොහරියි..

තත්වය කුමක් වුවත් මෙහෙයුම ” තවමත් සක්‍රීය සෝදිසි ගලවාගැනීමේ මෙහෙයුමක් ” බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ රියද් අද්මිරාල් ජෝන් මෝගර් පවසනවා.

ජෝන් මෝගර් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම භාර ඉහළ නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා.

මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන කාර්යමණ්ඩල හා ඔවුන්ගේ පවුල් ගැන සිතුවිලි හිතේ තබාගෙන තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඔහු පවසා තිබේ.

ටයිටන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම “මේ මොහොතේ ගලවා ගැනීමේ සක්‍රීය මෙහෙයුමක්” බව ඔහු අවධාරණය කර සිටිනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ මේ වන විට අතුරුදහන් වූ සබ්මැරීනය තුළ ඔක්සිජන් නිමා වී ඇති බව සිතිය හැකි බැවින් ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද ? යන්න කළ ප්‍රශ්න කිරීමකදී.

මහුදු පතුල තුල තවදුරටත් සෙවුම් හැකියාව පුළුල් කර ඉන් පසු ගලවා ගැනීමේ හැකියාව ලබා දෙන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා සියලු දුරස්ථ යාත්‍රා හා අනෙකුත් උපකරණ මුහුදු පතුලේ යොදවා ඇති බව ඔහු පවසනවා.

මෙහෙයුම් නතරකිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

READ:   මෛත්‍රීගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්