file
අඹන්පොළ, ආගරේ ප්‍රදේශයේ දී කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි කැත්තපහුව, අඹන්පොළ ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.
මියගිය සිසුවා ඔහුගේ පියා හා මව සමග ආගරේ ප්‍රදේශයේ පොල් වගාකර ඇති ඉඩමක පැල වෙත ගොස් තිබේ.
එහිදී ළමයා පැලේ නතර කර ඔහුගේ මව සහ පියා අසල ගොයම් වගා කර ඇති කුඹුරේ පැලට ගොස් ඇත.
එම අවස්ථාවේ පොල් වගා කරන ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරික්ෂා කිරීමේදී තුවාල සහිතව සිටි සිසුවා දැක ඇත.
ඒ ආසන්නයේ කොටන තුවක්කුවක් තිබී ඇති බව ද සිදුකළ විමර්ශනයේදී හෙළිව තිබේ.
119 ඔස්සේ ලැබුණු තොරතුරක් මත අඹන්පොළ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…