Saturday, April 18, 2026
Homeදේශීයතුවක්කුවක් පත්තු වී 16 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

තුවක්කුවක් පත්තු වී 16 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

අඹන්පොළ, ආගරේ ප්‍රදේශයේ දී කොටන තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි කැත්තපහුව, අඹන්පොළ ප්‍රදේශයේ පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා ඔහුගේ පියා හා මව සමග ආගරේ ප්‍රදේශයේ පොල් වගාකර ඇති ඉඩමක පැල වෙත ගොස් තිබේ.

එහිදී ළමයා පැලේ නතර කර ඔහුගේ මව සහ පියා අසල ගොයම් වගා කර ඇති කුඹුරේ පැලට ගොස් ඇත.

එම අවස්ථාවේ පොල් වගා කරන ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරික්ෂා කිරීමේදී තුවාල සහිතව සිටි සිසුවා දැක ඇත.

ඒ ආසන්නයේ කොටන තුවක්කුවක් තිබී ඇති බව ද සිදුකළ විමර්ශනයේදී හෙළිව තිබේ.

119 ඔස්සේ ලැබුණු තොරතුරක් මත අඹන්පොළ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

READ:   වැස්ස මි.මි. 100 ඉක්මවයි: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්