දේශීය

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39.6ක ඖෂධ

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහා ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කර තිබේ

මෙරට ඇමරිකානු තානාපති ජූලි ජියෝන් (Julie J. Chung) මහත්මිය විසින් මෙම ඖෂධ ආධාර තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දී ඇත.

ආසාදන තත්ත්ව, කොලෙස්ටරෝල්, නිර්වින්දන, ආතරයිටීස්, දියවැඩියාව හා වේදනා නාශක ඖෂධ අතුළු ඖෂධ වර්ග 32 ක් ඒ අතර වේ.

මිතුරු රටක් ලෙස ඉදිරියේ දී තව තවත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවත් ලැබෙන ආධාර රේගුවෙන් නිදහස් කර ගැනීමේ කටයුතු ඉක්මන් කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත් මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි ජියෝන් චං මහත්මිය කියා සිටියාය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් උදව් උපකාර කළ මිතුරු රටවල් සියල්ලටම ගෞරව ස්තුතිය පුද කර සිටින බවයි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

11 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

12 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago