Wednesday, April 15, 2026
HomeදේශීයPassport එක දවස් 3න් අද සිට ගෙදරට ගෙන්න ගන්න විදහ මෙන්න..

Passport එක දවස් 3න් අද සිට ගෙදරට ගෙන්න ගන්න විදහ මෙන්න..

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය ලබා දීමේ වැඩසටහන අද (15) සිට ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙමගින් අයදුම් කිරීමෙන් දින තුනකින් විදෙස් ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව හිමි වේ.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පළමුව, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවිය වන www. immigration.gov.lk වෙබි අඩවියට පිවිස අයදුම්පතක් යොමු කළ යුතු යි.

ඉන් පසු උප්පැන්න සහතිකය,ජාතික හැඳුනුම්පත, පැරණි ගමන් බලපත්‍රයක් ඇති නම් එය දෙපාර්තමේන්තුව වෙතට යොමු කර ඊට අදාළ ගෙවීම් සිදුකළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඇගිලි සලකුණු ලබාදීම සඳහා ඊට පහසුකම් ඇති ලඟම තියෙන ප්‍රදේශය ලේකම් කාර්යාලය Online ඔස්සේ තෝරා ගැනීම වැදගත් වේ.

තෝරාගත් ලඟම ඇති ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබා දීමෙන් පසු දින තුනක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ විශේෂ කුරියර් සේවාවක් හරහා නිවසට එවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙහිදී සාමාන්‍ය සේවාව මගින් විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නේ නම් රු.5,000 ක් සහ තුන්දින විශේෂ සේවාව හරහා විදෙස් ගමන් බලපත්‍රය ලබාගන්නේ නම් රුපියල් 15,000ක මුදලක් ගාස්තුව වශයෙන් අයකරන බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

READ:   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක් පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්