file
කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමුකිරමට පුහුණු මධ්‍යස්ථානයක් මෙරට දී ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතනය එක්ව මෙම පුහුණු වැඩසටහන පවත්වයි.
ඒ සදහා වන අවබෝධතා ගිවිසුම කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අත්සන් කර තිබේ.
නාවුක වැල්ඩින්,පින්තාරු, ඉලෙක්ට්රිකල් ඇතුළු මූලික අදියරේ සිට නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම මෙහි අරමුණයි.
ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය, පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණුකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
මේම පාඨමාලාව සමඟ කොරියානු භාෂා පුහුණුව ද ලබා දේ.
පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා අවස්ථා ලබාදීම සදහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට නියමිත බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…