file
මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමුන් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඩෙංගු උවදුරෙන් පාසල් ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් ආශ්‍රිතව පිරිසිදු කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 420184ක්, වාර්තා වී ඇති අතර සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශය 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මදුරු ග්‍රහනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ මහ නගර සභා සීමාව, ගොතටුව වැනි ප්‍රදේශවල මදුරු ග්‍රහනය මෙලෙස ඉහළ ගොස් තිබේ.
මේ හේතුවෙන් ජුනි මාසය අවසන් වන විට ඩෙංගු අධිවසංගත තත්වයක් ඇති විය හැකි බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ.
තම නිවස හා අවට ජලය රැදෙන ස්ථානයන්, මදුරුවන් බෝවන ස්ථානයන් හැකිතාක් පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…