Friday, July 24, 2026
Homeදේශීය2050 වන විට හරිත ආර්ථිකයක් නිර්මාණය කරන වැඩපිළිවෙල ආරම්භ කළා - ජනපති

2050 වන විට හරිත ආර්ථිකයක් නිර්මාණය කරන වැඩපිළිවෙල ආරම්භ කළා – ජනපති

වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බැන් කී මුන් මහතා මීට පෙරද ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් දෙකකට අත්සන් කර ඇති බවත් එහි ප්‍රතිඵල අද වන විටත් ශ්‍රී ලංකාව භුක්ති විදිමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

දේශගුණික විපර්යාසවලට පිළිබඳව ලෝකයේ රටවල් ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකාව හොඳ අවධානයෙන් පසුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඊයේ (06) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හරිත ආර්ථිකය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් ශ්‍රී ලංකාවට ළඟා කර ගත හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   කොන්දේසි සහිතව ග්ලයිෆොසෙට් ආනයනයට අවසර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්