Sunday, July 26, 2026
Homeදේශීයවිමල්ගේ පොතෙන් කියන්නේ බොරුවක් - අමෙරිකානු තානාපතිනිගෙන් සැර කතාවක්

විමල්ගේ පොතෙන් කියන්නේ බොරුවක් – අමෙරිකානු තානාපතිනිගෙන් සැර කතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් තමන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටිනවා.

“ප්‍රබන්ධයක් ලෙස සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකිරීම සහ අසත්‍ය තොරතුරු පතුරාවාහැරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වසර 75 ක ඉතිහාසය පුරා මෙන්ම ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය හා සමෘද්ධිය වෙනුවෙන් කැපකිරීම් සිදුකරන බව ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

READ:   වැස්ස අද මි.මී 150 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්