Thursday, April 23, 2026
Homeදේශීයජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ තාවකාලිකව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ තාවකාලිකව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජීත් රෝහණ මහතා තාවකාලිකව පොලිස් මූලස්ථානය වෙත අනුයුක්ත කර තිබෙනවා.

පොලිස් කොමිසම විසින් ඒ බව දන්වා සිටියා.

තමන් හදිසියේ නැගෙනහිරට මාරුකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් මගින් මීට පෙර සිය නොසතුට පල කර තිබුණා.

එම ලිපියේ මෙම කරුණු ඇතුළත් වී තිබුණා.

මහත්මයාණෙනි. මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා පොලිස්පති තුමන් වෙත මා නැගෙනහිර පළාතට මාරුකරන ලෙසට උපදෙස් ලබා දී තිබෙන බව මට දැනගන්න ලැබී තිබෙනවා. අමාත්‍යතුමන්ගේ මෙම තීරණය ද්වේශ සහගත හිතුවක්කාර සහ අසාධාරණ බව දැන්වීමට කැමැත්තෙමී. තවද පොලිස්පතිතුමාගේ උපදෙස් මත මා විසින් සකස් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වතිවරුන් කැඳවා ඔහු පසුගිය 18 වන දින රැස්වීමක් පවත්වා තිබුණා. එහිදී පොලිස්පති ධූරය සම්බන්ධව සමාජ මාධ්‍යජාලා ඔස්සේ හුවමාරු වන ඇතැම් වාර්තා පිළිබඳව ඔහු මට චෝදනා නගමින් මා හට ස්ථාන මාරුවීම්ක් ලබා දෙන බවට ද ඉඟියක් පළ කර තිබුණා. ඉන්පසු ගරු අමාත්‍යතුමන් මා ඔහුගේ කාර්යාලයට කැඳවා දකුණු පළාත පොලිස් පාලනයෙන් තොර පළාතක් බව දන්වා සිටියා.

මෙය නිවැරදි ප්‍රකාශයක් නම් ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් හට මා ආරාධානා කර සිටිනවා බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ සිදුවන අපරාධ ක්‍රියා පිළිබඳව සංඛ්‍යා ලේඛන, වෙඩි තැබීමේ සිද්ධින් සහ අනෙකුත් සිද්ධින් පිළිබඳව සංසන්දනාත්මක පරික්ෂණයක් සහ සොයාබැලීමක් සිදුකරන ලෙස. අමාත්‍යවරයා මෙවැනි හිතුවක්කාර ක්‍රියා සියල්ලම සිදුකරන්නේ අපට හිරිහැර පැමිණවීමේ අදහසින් සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමෙකු ආරක්ෂා කිරීමේ අරමුණින් බවද මෙහිදී සඳහන් කරමී. එම නිසා මෙකී කරුණු සැලකිල්ලට ගනිමින් මා හට ලබා දුන් හිතුවක්කාර ස්ථානමාරුවීම අනුමත නොකරන්නේ නම් මා බෙහෙවින් කෘතඥතාවය පළ කරමී.

READ:   IMF තීන්දුව අද රාත්‍රියේදී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්