Wednesday, April 15, 2026
Homeදේශීයහිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් විමල් විරවංශ විසින් සිදුකල ප්‍රකාශය ගැන ආරක්ෂක...

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් විමල් විරවංශ විසින් සිදුකල ප්‍රකාශය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පා.ම. විමල් විරවංශ විසින් ප්‍රකාශ කරන අකාරයට 2022 මැයි 09 දින අරගලය සිදුවන අවස්ථාවේ දී හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉන්දියානු සංචාරයක නිරතවීම සැක සහිත කටයුත්තක් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එවකට සිටි ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු යුද හමුදාපතිවරයා ඉන්දියාවේ ආරක්ෂක සමුළුවක් සඳහා සහභාගී වූ බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල එම නිවේදනය පහතින්,

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්‍ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 දින ඉන්දියාවේ දී පැවති අතර, ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ආරක්‍ෂක සමුළුව සඳහා සහභාගී වූ බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

අද දින (අප්‍රේල් 26) විකාශය වූ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, පා.ම. ගරු විමල් වීරවංශ විසින් රචිත ‘නවය; සැඟවුනු කතාව’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී ගරු විමල් වීරවංශ විසින් කරන ලද කථාවෙන් උපුටා ගනිමින් කියා සිටියේ, 2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකල බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුල ඝාතනයට ලක්කිරිමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටි බවත් එය සැක සහිත කටයුත්තක් බවත්ය.

නුව, ඉහත කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවත්, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ ආරක්‍ෂක සමුළුවට සහභාගී වීම සඳහා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලද්දේ ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

READ:   අමරණීය ගායක නෙවිල් ප්‍රනාන්දු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්