තුර්කිය සහ සිරියානු දේශසීමාව ආශිතව රිච්ටර් මාපක 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයෙන් ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද උදෑසන ඇතිවූ රිච්ටර් මාපක 7.8 ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පයෙන් පසුව සුන් බුන් අතර සිරවි සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් සිටියදී, රිච්ටර් මාපක 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූකම්පනයක් තුර්කිය සහ සිරියානු දේශසීමා ආශිත නගරයක ඇතිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මධ්‍යම තුර්කියේ සහ වයඹ දිග සිරියාවේ අද (06) උදෑසන 4.00 ට පමණ ඇති වූ පළමු භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,400 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම පුද්ගලයින් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.
දෙවන වර ඇතිවූ භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තා කර නෑ.


