දේශීය

මුල්ලේරියාව 5හැවිරිදි දරුවාගේ මරණය: සැකකරු සියල්ල හෙළිකරයි

මුල්ලේරියාව පොලිස් වසමේ මාලබේ හල්බරාව වැඩබිමක් අසළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 5 හැවිරිදි දරුවකුගේ මළ සිරුරක් ඊයේ (08) සවස හමුව තිබුණා.

මෙහිදී මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ දරුවා බෝතලයක කටු ඇනී ඇති බවයි.

බිඳුණු වීදුරු බෝතලයත් දරුවාගේ සිරුර තිබූ දුර ප්‍රමාණයත් තවත් කාරණා රැසක් නිරීක්ෂණය වීමෙන් දරුවාගේ සීයා හා සැකකරු පොලිසිය විසින් දැඩිව ප්‍රශ්න කර තිබේ.

ඒ අනුව දරුවාගේ මරණයට සැක පිට වැඩබිම අසල තණකොළ කපමින් සිටි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දරුවාගේ පියා වෙන්ව ජීවත්වන අතර මව රැකියාවකට යෑමෙන් දරුවා ඔහුගේ මිත්තනිය සහ සීයා ලඟ බලාගැනීමට තබා ගොස් තිබේ.

අනතුර වූ වැඩ බිමෙහි මියගිය දරුවාගේ සීයා මුරකරු වශයෙන් සේවය කර ඇති අතර එදින සීයා වෙනත් ගමනක් යෑම හේතුවෙන් දරුවා අසළ නිවසක තබා යෑමට සූදානම් වූ විට දරුවා පවසා ඇත්තේ තමන් තණකොළ කපන මාමා සමග පරිසමෙන් ඉන්නම් .. යනුවෙනි.

දරුවා මියයෑමට පැයකට පමණ පෙර දරුවා එම වැඩබිමෙහි තවත් පුද්ගලයෙකු සමඟ සිටින ආකරය අසළ කාන්තාවක් දැක තිබේ.

දරුවා විඳුරු බෝතලයක කටු ඇනී මියගොස් ඇති බව අසළ නිවැසියෙකුට දැනුම් දී ඇත්තේ ද සැකකරු විසිනි.

තණකොළ කපන යන්ත්‍රයේ දෝෂයක් පරීක්ෂා කරමින් සිටි අතරතුර අසළ තිබූ වීදුරු බෝතලයක් එහි වැදී බිඳී ගිය බව සැකකරු පවසා ඇත.

වීදුරු බෝතලය බිඳී විසිරයෑම වළාක්වා ගැනීමට තමන් යන්ත්‍රයේ තලය පසෙකට ගත් අවස්ථාවේ දී අසල සිටි දරුවාගේ උදර ප්‍රදේශයේ ගැටී තුවාල සහිතව දරුවා ඇඳ වැටුණු බව ඔහු පවසා තිබේ.

ඉන් බියට පත් තමන් දරුවා වීදුරු බෝතලක් බිදී කටු ඇනීමෙන් මියගිය බව ඇඟවීමට කටයුතු කළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

51 හැවිරිදි සැකකරු හෙට (10) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

3 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

4 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

4 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago