දේශීය

BREAKING: ධනුෂ්ක ලිංගික අතවර චෝදනාව ප්‍රතික්ෂේප කරයි..

ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට එරට දී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පළමු වරට තමන් එම චෝදනාවට නිවැරදි කරු බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි, සිඩ්නි සෙන්ටර් අධිකරණයේදී.

මීට පෙර ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4ක් එල්ල වී තිබුණද ඉන් චෝදනා 3ක් ඉවත් කරගැනීමට සිඩ්නි නුවර පොලිසිය කටයුතු කර තිබුණා.

තමන් නිවැරදි කරු බව ධනුෂ්ක විසින් අධිකරණයට ප්‍රකාශ කිරීමත් සමඟ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව යටතේ නඩුව ඉදිරියට ගෙන යෑමට අධිකරණය නියම කළ බව වාර්තා වෙනවා.

ඒ අනුව නඩු විභාගය ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි.

32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට අපරාධ සම්බන්ධ ඉතිහාසයක් නැති බැවින් දෛනිකව පොලිස් ස්ථානයේ පෙනී සිටීමේ කොන්දේසිය ලිහිල් කිරීමට ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඇලන් සහිනොවික් අධිකරණයෙන් ඉල්ලීමක් ද කර ඇත.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස තරඟයක් අතර තුර ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කරණු ලැබුවා.

මූලාශ්‍රය: දිනමිණ

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 day ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

2 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

4 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

5 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

5 days ago