ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට එරට දී ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පළමු වරට තමන් එම චෝදනාවට නිවැරදි කරු බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි, සිඩ්නි සෙන්ටර් අධිකරණයේදී.
මීට පෙර ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4ක් එල්ල වී තිබුණද ඉන් චෝදනා 3ක් ඉවත් කරගැනීමට සිඩ්නි නුවර පොලිසිය කටයුතු කර තිබුණා.
තමන් නිවැරදි කරු බව ධනුෂ්ක විසින් අධිකරණයට ප්‍රකාශ කිරීමත් සමඟ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව යටතේ නඩුව ඉදිරියට ගෙන යෑමට අධිකරණය නියම කළ බව වාර්තා වෙනවා.
ඒ අනුව නඩු විභාගය ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි.
32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට අපරාධ සම්බන්ධ ඉතිහාසයක් නැති බැවින් දෛනිකව පොලිස් ස්ථානයේ පෙනී සිටීමේ කොන්දේසිය ලිහිල් කිරීමට ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඇලන් සහිනොවික් අධිකරණයෙන් ඉල්ලීමක් ද කර ඇත.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස තරඟයක් අතර තුර ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා ගොනු කරණු ලැබුවා.
මූලාශ්‍රය: දිනමිණ


