file
පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී ඊට දෙමවුපියන්ගේ තොරතුරු ලබා නොදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
පොලිසිය මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තු ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික කාරක සභාවේදී යි.
පසුගිය කාලසීමාව තුළ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රචලිත වීම හරහා දරුවන්ට දුරකථන ඇතුළු පරිගණක උපාංග ලබා දීමට සිදු වූවත් එම දුරකථනවල විද්‍යුත් තැපෑල ආරම්භ කිරීමේදී දෙමව්පියන්ගේ දත්ත ලබා දීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබී ඇති බව එම නිලධාරින් පෙන්වා දෙනවා.
එසේ නොමැතිව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ලබාදීම සිදුකරන්නේ නම් අන්තර්ජාලය විසින්ම දරුවන්ට සුදුසු දර්ශන හා සුදුසු වෙබ් අඩවි තුළට පමණක් පිවිසීමට හැකියාව ලබා දෙන බවයි පොලිසිය මෙහිදී සඳහන් කළේ.
ඒ අනුව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත විද්‍යුත් තැපෑල සැකසීමේදී ලබාදෙන ලෙස පොලිසිය දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…