බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවට අයත් HMS SPEY නැමති නෞකාව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.
දිගින් මීටර් 90.5 ක් බව සඳහන් මෙම නෞකාවේ කපිතාන් ලෙස පෝල් කැඩී කටයුතු කරන අතර 56 දෙනෙකුගෙන් යුත් භට පිරිසකගෙන් නෞකාව සමන්විතයි.
කොළඹ වරායේ නැංගුරම් ලා ඇති මෙම නෞකාව අනිද්දා දක්වා මෙරට රැදී සිටීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ මෙරට නාවික හමුදාව සමග එක්ව බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේ දී නාවික අභ්‍යාසයක නිරත වීම සඳහා යි.





