Saturday, April 25, 2026
Homeදේශීයකාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රියේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් අවස්ථාවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම සබරගමුව පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 03 ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුතර තිබේ.

බුදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රද්ශවලට නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක යි.

කඳු ආශ්‍රිත ප්‍රදේශවල තවදුරටත් වැසි ඇතිවුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස එම එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

READ:   ස්කොට්ලන්තයට පරාජය වූ කොදෙව්වන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්