file
ක්ෂණික ණය ලබාදෙන බව පවසා සමාජ ජාලා තුළ දැන්වීම් පළ කර ලක්ෂ ගණනින් බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මේ සඳහා යොදාගත් දෑ සමඟ සිමි කාඩ් 74 ක් සහ බැංකු පාස් පොත් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29 හැවිරිදි ගම්පහ කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකි.
ණය ලබාදෙන බවට ෆේස්බුක් හරහා දැන්වීමක් පළ කර ඒ සඳහා කැමැත්ත පළ කරන පුද්ගලයින්ගෙන් ජාතික හැඳුනුම්පත් කොපියක් සහ මුදල් දැමීමට බැංකු ගිණුමක් ලබාගෙන එම ජාතික හැඳුනුම්පත් කොපියට සිම් කාඩ් පතක් ලබා ගන්නා සැකකරු විසින් අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගැනීම සිදුකර තිබේ.
වාහන විකිණීමට දැන්වීම් දමා ඇති වාහන මිලදී ගන්නා බව පවසා ඒ හරහා ද ඔන්ලයින් ක්‍රමයට ඔහු විසින් මුදල් ලබා ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මොහු විසින් දිවයින පුරා මෙම ජාවාරම සිදුකර ඇති අතර ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෙම වංචාවට හසු වූ අය සිටීනම් ගම්පහ පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…