Wednesday, July 22, 2026
HomeදේශීයFacebook ක්ෂණික ණය මහපරිමාණ ජාවාරමක්: ණය ගන්න ඕනි නෑ.. සල්ලි අදින්න

Facebook ක්ෂණික ණය මහපරිමාණ ජාවාරමක්: ණය ගන්න ඕනි නෑ.. සල්ලි අදින්න

ක්ෂණික ණය ලබාදෙන බව පවසා සමාජ ජාලා තුළ දැන්වීම් පළ කර ලක්ෂ ගණනින් බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මේ සඳහා යොදාගත් දෑ සමඟ සිමි කාඩ් 74 ක් සහ බැංකු පාස් පොත් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29 හැවිරිදි ගම්පහ කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකි.

ණය ලබාදෙන බවට ෆේස්බුක් හරහා දැන්වීමක් පළ කර ඒ සඳහා කැමැත්ත පළ කරන පුද්ගලයින්ගෙන් ජාතික හැඳුනුම්පත් කොපියක් සහ මුදල් දැමීමට බැංකු ගිණුමක් ලබාගෙන එම ජාතික හැඳුනුම්පත් කොපියට සිම් කාඩ් පතක් ලබා ගන්නා සැකකරු විසින් අදාළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගැනීම සිදුකර තිබේ.

වාහන විකිණීමට දැන්වීම් දමා ඇති වාහන මිලදී ගන්නා බව පවසා ඒ හරහා ද ඔන්ලයින් ක්‍රමයට ඔහු විසින් මුදල් ලබා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මොහු විසින් දිවයින පුරා මෙම ජාවාරම සිදුකර ඇති අතර ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෙම වංචාවට හසු වූ අය සිටීනම් ගම්පහ පොලිසියට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

READ:   සාමය, යුක්තිය හා ශක්තිමත් ආයතන ගැන අධිකරණ ඇමතිගේ අවධානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්