ගලෙන්බිඳුණුවැව, පලුගොල්ලාගම විද්‍යාලයේ ක්‍රීඩා පිටියට හෙලිකොප්ටරයක් ගොඩබැස්සවීමත් සමඟ ප්‍රදේශවාසින් අතර නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.
ඊයේ (04) පෙරවරුවේ පෞද්ගලික ආයතනයකට අයත් ගුවන්යානයක් මෙලෙස ගොඩබස්සවා ඇත.
කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා පිරිසක් පැමිණ ඇතිබවට ප්‍රදේශවාසින් අතර නොසන්සුන්කාරි තත්වයක් ඇතිව තිබූ බව වාර්තා වෙනවා.
පිළිකා රොගියෙකු සඳහා ප්‍රදේශයේ දේවාලයකින් ආශිර්වාද ලබා ගැනීම සඳහා ආදාළ පිරිස එම ගම්මානයට පැමිණ ඇති බව පසුව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
වාහනයකින් අදාළ රෝගියා එම දේවාලයට පැමිණ ඇති අතර ඔහුට එම වාහනයෙන් ගමන්කිරීමට අපහසු නිසා ඔහුගේ ඥාතීන් විසින් එලෙස පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයක් ගෙන්වා ගෙන ඇත්තේ රෝගියා යළි රැගෙන යාමට බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියාවේ පදිංච් ශ්‍රී ලාංකකයින් පිරිසක් මෙම හෙලිකොප්ටරයෙන් පැමිණ තිබේ.








