එළුවන් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සැලසුම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ වන විට දැනුවත් කර ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.
ඉදිරි වසර පහ තුළ දී එළුවන් 70,000 ක් ලබා දීමේ වැඩපිළිවෙළට සමගාමීව එම රක්ෂණාවරණය හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව සඳහන්.
වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මත එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


