Tuesday, August 25, 2026
Homeදේශීයකාලගුණය වෙනස් වෙයි..

කාලගුණය වෙනස් වෙයි..

දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   තද වැසි සමඟ තද සුළං ඇතිවිය හැකියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්