Sunday, April 19, 2026
HomeදේශීයBREAKING- විදුලි ගාස්තුව ඉහළට

BREAKING- විදුලි ගාස්තුව ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව අද (15) සිට 66% කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.

නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව මුල් එකක 30 සඳහා එක් ඒකකයකට මෙතෙක් අය කළ රු.8ක ගාස්තුව රු. 30 ක් දකවා ඉහළ යනවා.

ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයකට අය කළ රුපායල් 10 ගාස්තුව රුපියල් 37 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා අය කළ රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 ක් දකවාත් ඉහළ යනවා.

ඒකක 91 සිට 120 කාණ්ඩය , ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩය සඳහා දැනට අයකරන රුපියල් 50 ගාස්තුවත් ඒකක 181 ට වැඩි සෑම ඒකකයකටම අයකරන රුපියල් 75 ගාස්තුවෙත් කිසිඳු වෙනසක් වන්නේ නැහැ.

ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දකවාත් ඒකක 31 සිට 60 දැක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 දක්වාත් ස්ථාවර ගාස්තුව 1500 ක් දක්වා වැඩි වී තිබෙනවා.

READ:   ප්‍රදේශ කිහිපයකට වැසි සමඟ තද සුළං
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්