Tuesday, July 21, 2026
Homeදේශීයඑනසහල් පෙට්ටි 09ක් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

එනසහල් පෙට්ටි 09ක් සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

කොළඹ වරාය පොලිස් වසමේ CICT පරිශ්‍රයේ තිබූ බහාලුමක් බිඳ රුපියල් 2,500,00 ක් වටිනා එනසහල් පෙට්ටි 09 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සොරකම් කරන ලද එනසාල් පටවා තිබූ කන්ටේනර් රථය ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එම සැකකරුවන් වයස අවුරුදු 35,37 හා 39 වයස්වල පසුවන ඉපලෝගම, බණ්ඩාරගම හා නිකදළුපොත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

ඔවුන් අද (29) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්