Saturday, September 12, 2026
Homeදේශීයවෑන් රථයක ගැටී තරුණයින් තිදෙනෙකු මිය යයි

වෑන් රථයක ගැටී තරුණයින් තිදෙනෙකු මිය යයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

මාර්ගයේ දකුණු දෙසට වන්නට ගමන්කළ වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදි 3ක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදි තුනෙහි ගමන් කළ පුද්ගලයන් 5 දෙනෙකු බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ, තුල්හිරිය හා වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකුයි.

READ:   උත්සව සමයේ පදික වෙළෙඳුන්ගේ ගැටළු විසඳීමට පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්