Thursday, June 11, 2026
HomeදේශීයA/L පිළිතුරු පත්‍ර ඇගයීම්වලින් ගුරුවරු පිරිසක් ඉවත් වෙයි..

A/L පිළිතුරු පත්‍ර ඇගයීම්වලින් ගුරුවරු පිරිසක් ඉවත් වෙයි..

වයඹ රාජකීය විද්‍යාලයේ 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරුන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්ව සිටිනවා.

ඒ, පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල ගෙවීම් නිසි පරිදි නොලැබීම හේතුවෙන්.

වයඹ රාජකීය විද්‍යාලයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානයේ ගුරුවරුන් එම රාජකාරීවලින් ඉවත් වුණේ අද උදෑසන සිටයි.

ගුරුවරුන් 200 ක් පමණ මෙලෙස ඇගයිම් කටයුතුවලින් ඉවත් වී ඇති බව වාර්තා වෙනවා.

ලංකා ගුරු සංගමය පවසන්නේ අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තමේන්තුව වහා මෙම ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු බවයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ මේ වන විටත් විෂයන් 20 ක ඇගයීම් කටයුතු අවසන් කර ඇති බවයි.

READ:   ප්‍රදේශ කිහිපයකට අද ජලය නවතියි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්