වයස අවුරුදු පහක නුවරඑළිය ප්‍රදේශයේ පෙර පාසල් දරුවකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
ඒ “චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්” යන රටවල් 24 ක ක්‍රියාත්මක වාර්තා පොතට එක්වෙමිනි.
නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි කුමාරවේල් කලානේෂන් හර්ෂිත් නැමති කුඩා දරුවා විසින් පසුගිය 25 වනදා මෙම වාර්තාව පිහිටුවා ඇත.
ඒ ස්ථාන ලකුණු නොකල ලෝක සිතියමක ලෝකෙ රටවල් 195 ක් සහ එම රටවල අගනුවරවල් ද නිවරදිව ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරමිනි.
දරුවා ඒ සදහා වැය කර ඇති වාර්තා ගත කාලය විනාඩි 04 යි තප්පර 16 කි.





