Thursday, September 10, 2026
Homeදේශීයසිරසේ 'කියාදෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයෙන් ශලනි ඉවත් වෙයි..

සිරසේ ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයෙන් ශලනි ඉවත් වෙයි..

සිරස රූපවාහිනි නාලිකාවේ දිගහැරෙන ‘ කියාදෙන්න ආදරේ තරම් ‘ ටෙලි නාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කළ බව ජනප්‍රිය නිලි ශලනි තාරකා පවසනවා.

සිය මුහුණු පොත පිටුවෙහි සටහනක් තබමින් ඇය ඒ බව ප්‍රකාශ කර සිටියා.

‘ කියාදෙන්න ආදරේ තරම් ‘ ටෙලි නාට්‍යයේ ‘ස්නේහාගේ’ චරිතයට ශලනි තාරකා සිය රංගන දායකත්වය සපයා තිබුණා.

ටෙලි නාට්‍යයේ නිෂ්පාදක මණ්ඩලය ටෙලි නාට්‍ය අවසන් කිරීමට තවමත් සූදානමක් නොමැති නිසා තමන් එම තීරණය ගත් බව ඇය පවසනවා.

එම නට්‍යයේ සිය චරිතය ඒකාකාරී එකක් වූ බව ඇය ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් ටෙලිනාට්‍ය හා සම්බන්ධ ගිවිසුම් කාලය අවසන් බැවින් එම චරිතයට හා ටෙලි නාට්‍යයට ද සමුදුන් බව ඇය වැඩිදුරටත් පවසනවා.

file
file
READ:   බයික් රථවලින් පැමිණ පහරදුන් 11 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්