මාතර, වේරගම්පිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන් වන සේ කපා දමා තිබෙනවා.
ඊයේ (26) වේරගම්පිට අම්බලම අසලදී කඩුවකින් මෙම පහර දීම සිදුව තිබේ.
සරුංගලයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යෑමෙන් පාසල් සිසුවාට මෙලෙස පහර දී ඇති බව පොලිසිය පවසනවා.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කර ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
පහරදීම සම්බන්ධයෙන් වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…