Saturday, September 12, 2026
Homeදේශීයපාසල් නිල ඇඳුම් ගැන ⁣ආණ්ඩුවෙන් පොරොන්දුවක්..

පාසල් නිල ඇඳුම් ගැන ⁣ආණ්ඩුවෙන් පොරොන්දුවක්..

මේ වසර සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් බෙදාදීම ජුනි 12 ට පෙර අවසන් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

එහි පළමු අදියර යටතේ චීනයෙන් මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදාදීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

දේශීය සැපයුම්කරුවන් සැපයු නිල ඇඳුම් රෙදි මීටර තිස් අට ලක්ෂ තිස් එක් දහසක් බව අමාත්‍යාංශය පවසනවා.

ඉන් මේ වනවිට තිස් පන් ලක්ෂ හැට එක් දහසක් බෙදා දී ඇති බව වාර්තා වෙනවා.

ඉන් ඉතිරි ප්‍රමාණය වන මීටර් විසි හත් දහසක ප්‍රමාණය අවසන් අදියර යටතේ ගාල්ල, කළුතර, හලාවත යන ප්‍රදේශවල මේ වනවිට බෙදා දෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

READ:   ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට ප්‍රංශයේ සහය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්