Sunday, June 7, 2026
Homeදේශීයයතුරු පැදි දෙකක් සහ වෑන් රථයක් ගැටෙයි: 17 හැවිරිදි තරුණයෙක් මරුට

යතුරු පැදි දෙකක් සහ වෑන් රථයක් ගැටෙයි: 17 හැවිරිදි තරුණයෙක් මරුට

දුම්මලසූරිය,මරක්කරමුල්ල අතුරු මාර්ගයේ ප්‍රධාන මාර්ගය දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනයකර ගත නොහැකිව මාර්ගයේ පෙරළී වෑන් රථයක ගැටී තිබෙනවා.

එහිදී එම දිශාවට ධාවනය වූ තවත් යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව වෑන් රථයේ සහ යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.

ඊයේ (23) දහවල් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ එම යතුරුපැදිවල ගමන්ගත් අනෙක් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මුලින්ම අනතුරට පත්වූ යතුරුපැදිකරු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක්වූ ගොරකගස්ආර, දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

දුම්මලසූරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර තනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්