Friday, September 11, 2026
Homeදේශීයසුබසාධක දීමනා සෘජුවම බැංකු ගිණුමට

සුබසාධක දීමනා සෘජුවම බැංකු ගිණුමට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ, සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතළු රජය විසින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කරන බව රජය නිවේදනය කරනවා.

සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.

බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ගිණුම් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

“අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඔස්සේ අඩු ආදායම්ලාභී පවුල් 40% ක පිරිසකට කාණ්ඩ 4ක් ඔස්සේ ආධාර ලබාදීමට නියමිතයි.

එහිදී අන්ත දිළිඳු කාණ්ඩයට අයත් පවුලක් සඳහා මාසිකව රු.15,000 ක් රජය මගින් ලබා දෙයි.

file
READ:   ප්‍රදේශ කිහිපයකට අද වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්