දේශීය

මෙහෙකාර කාන්තාව මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්: විමර්ශන CIDයට..

කොටිපති ව්‍යාපාරික කාන්තාවක් විසින් කල පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාර තරුණිය පොලිසිය තුළ දී අසනීප වී පසුව අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම එම පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

මෙලෙස වැඩතහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , පොලිස් සැරයන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබා දීමට නියමිත බවද ආරංචි මාර්ග පවසනවා.

ටෙලි නට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන කෝටිපති ව්‍යාපාරික කාන්තාව තම නිවසේ තිබූ රන් භාණ්ඩ නැතීවීමක් සම්බන්ධයෙන් කල පැමිණිල්ලකට අනුව එම නිවසේ සේවය කල කාන්තාව පසුගිය එකලොස් වනද අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව පොලිස් ස්ථානය තුළ දී අසනීප වීමෙන් මියගිය ඇය වයස අවුරුදු 42 ක්වූ තිදරු මවකි.

මියගිය කාන්තාවගේ මරණය සැකසහිත බව ඇයගේ ස්වාමියා ප්‍රකාශ කළා.

කන්තාවගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

4 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

4 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago