file
කොටිපති ව්‍යාපාරික කාන්තාවක් විසින් කල පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාර තරුණිය පොලිසිය තුළ දී අසනීප වී පසුව අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම එම පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
මෙලෙස වැඩතහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , පොලිස් සැරයන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබා දීමට නියමිත බවද ආරංචි මාර්ග පවසනවා.
ටෙලි නට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන කෝටිපති ව්‍යාපාරික කාන්තාව තම නිවසේ තිබූ රන් භාණ්ඩ නැතීවීමක් සම්බන්ධයෙන් කල පැමිණිල්ලකට අනුව එම නිවසේ සේවය කල කාන්තාව පසුගිය එකලොස් වනද අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව පොලිස් ස්ථානය තුළ දී අසනීප වීමෙන් මියගිය ඇය වයස අවුරුදු 42 ක්වූ තිදරු මවකි.
මියගිය කාන්තාවගේ මරණය සැකසහිත බව ඇයගේ ස්වාමියා ප්‍රකාශ කළා.
කන්තාවගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…