දේශීය

රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට

file

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත්ව තිබෙනවා.

පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.

එම මහා සභා රැස්වීමේදී මහලේකම් ධුරයට පිලිපීන ජාතික පිලි කෝරා මහත්මියත් භාණ්ඩාගාරික ධුරයට තායිලන්ත ජාතික පී.සකූල් මහතාත් පත්වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන්දුනීසියා, මියන්මාර, මොංගෝලියාව, මාලදිවයින හා නේපාලනය නියෝජනය කරමින් සාමාජිකයින් තේරීපත්විය.

ඒ අනුව 2026 වසරේ මැයි මාසය දක්වා ඒ මහතා එම ධුරය දරනු ඇත.

රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත්වීමට ප්‍රථම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ මහලේකම්වරයා ලෙස වසර දහතුනක කාලයක් කටයුතු කර ඇත.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

1 day ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago