දේශීය

රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට

file

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත්ව තිබෙනවා.

පසුගියදා අවසන්වූ තායිලන්ත මහා මැතිවරණය අතරතුර බැංකොක් නගරයේ දී පැවැති ආසියානු මැතිවරණ ජාලයේ 8 වන මහා සභා රැස්වීමේදී රටවල් 18 ක හා සංවිධාන විසිනවයක් අතරින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහි අධ්‍යක්ෂක වරයෙක් ලෙස හා සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබීය.

එම මහා සභා රැස්වීමේදී මහලේකම් ධුරයට පිලිපීන ජාතික පිලි කෝරා මහත්මියත් භාණ්ඩාගාරික ධුරයට තායිලන්ත ජාතික පී.සකූල් මහතාත් පත්වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉන්දුනීසියා, මියන්මාර, මොංගෝලියාව, මාලදිවයින හා නේපාලනය නියෝජනය කරමින් සාමාජිකයින් තේරීපත්විය.

ඒ අනුව 2026 වසරේ මැයි මාසය දක්වා ඒ මහතා එම ධුරය දරනු ඇත.

රෝහණ හෙට්ටිආරච්චි මහතා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති ධුරයට පත්වීමට ප්‍රථම ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ මහලේකම්වරයා ලෙස වසර දහතුනක කාලයක් කටයුතු කර ඇත.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

2 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

3 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

5 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

6 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

6 days ago