දේශීය

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ඉදිරි සැලසුම් ගැන කියයි..

file

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) උදෑසන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බෑහැ දැක තිබෙනවා.

ථෙරවාදී බුදු දහම හැදෑරීමට මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී මහා නා හිමිවරුන්ට පවසා ඇත.

මේ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීම ද අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසා තිබේ.

file

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනයට හා ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් වෙත පිළිගැන්වීම මෙහිදී සිදුවිය.

ජනාධිපතිවරයා විසින් මෙහිදී ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත කඩිනම් කිරීමට බුද්ධශාසන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ඒ මහා නා හිමිවරුන්ගේ අනුශාසනය අනුවයි.

මහනුවර මහනගර සැලැස්මට අදාළ සංවර්ධන කටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, රටේ සියලුම මග නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ඒ අනුව මහනුවර පැරණි බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයේ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කරමින්, සංචාරක ආකර්ශනයට ලක්වන ප්‍රදේශයක් ලෙස සංවර්ධන කිරීම සඳහා වන සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

එමෙන්ම කුරුණෑගල සහ ගලගෙදර දක්වා වන අධිවේගි මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාවත්, ඉන් සැළසෙන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා..

මහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා.

ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඉන් පසුව යාපනය මහ නගර සංවර්ධනය සිදු කරනවා.

ඒ වගේම ජපන් ආධාර යටතේ මහා විහාර විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ථෙරවාදි බුදු දහම ඉගැන්වීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම කෘතීම බුද්ධිය සහ මනස පිළිබඳව ඉගැන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ වගේම කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අපි අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 8 ක අස්වැන්නක් නෙළා ගැනීමට එමගින් හැකියාව තිබෙනවා. එක් කිරි ගවයකුගෙන් කිරි ලීටර් 10ක් ලබා ගැනීමේ හැකියාව මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙල හරහා සිදු කළ හැකියි.

ඒ වගේම මහනුවර ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් දවසක් හෝ දෙකක් රඳවා තබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචියත් ඉතා වැදගත්. ඔවුන්ට දළදා මාළිගාව පිළිබඳව සහ බෞද්ධ ඉතිහාසය උඩරට ඉතිහාසය ගැන දැනුමක් ලබාදිය යුතුයි.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

23 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

23 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago