file
යාපනයේ පාසල් ගණනාවක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 700කට අධික සංඛ්‍යාවක් පසුගියදා (12) පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණ තිබේ.
ඒ බව පාර්ලිමේන්තු මධ්‍ය අංශය වාර්තා කරනවා.
එහිදී පාර්ලිමේන්තුවේ මහජනසේවා අංශය විසින් පැමිණි සිසුන් වෙනුවෙන් පාර්ලිමේන්තු නැරඹුම් චාරිකාවක් සංවිධානය කර ඇත.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව නැරඹීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී සමූහ ඡ්‍යාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවද මෙහිදී සිසුන්ට හිමි විය.
ඒ අනුව, වඩමාරාච්චි කාන්තා මධ්‍ය විද්‍යාලය, තොන්ඩෛමානාරු වීරකත්තිපිලෛයාර් මහා විද්‍යාලය, වල්වෛ කාන්තා මහා විද්‍යලය, නෙල්ලියඩි මහා විද්‍යාලය, පොලිකන්ඩි හින්දු දෙමළ මිශ්‍ර පාසල, උඩුපිට්ටි කාන්තා විද්‍යාලය, විග්නේෂ්වරා විද්‍යාලය, කරවෙට්, වේලායුදම් මහා විද්‍යාලය, වඩමාරාච්චි හින්දු කාන්තා විද්‍යාලය, මෙඩිරිස්තා කාන්තා විද්‍යාලය, කොට්ට්‍රාවත්තෛ විදුහල යන පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් මෙලෙස පාර්ලිමේන්තු චාරිකාවට එක්ව සිටියහ.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කළ අතර, දිවයිනේ පාසල්, විශ්ව විද්‍යාල, වෙනත් අධ්‍යන ආයතන නියෝජනය කරමින් දහස් ගණනක් සිසුන් සෑම දිනකම පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණේ.
එසේ පැමිණෙන සිසුන් සඳහා සියළු පහසුකම් සැලසීම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර නැරඹුම් චාරිකා සහ දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීම මෙන්ම ඒවාට අදාළ සමරු ඡායාරූප හා වීඩියෝ දර්ශන නිකුත් කිරීම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…